top of page

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය විසින් රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම

වෙසක් උත්සවය නිමිති කරගෙන සිංගප්පූරු‍‍වේ මහා කරුණා බෞද්ධ සංගමයේ පරිත්‍යාගයෙන්ද නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද මූලිකත්වයෙන් ඩෙල්ෆ්ට් පිහිටි නාගදීප රජයේ රෝහල වෙත අත්‍යාවශ්‍ය උපකරණ ඇතුලු පරිත්‍යාගයන් රැසක් ලබා දීමේ වැඩසටහනක් 2021-06-17 වන දින නාගදීප රජයේ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීය. සියළුම භාණ්ඩ ප්‍රවාහනය සහ අනෙකුත් සත්කාරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සිදු විය.

මෙම පුද සත්කාරය වෙනුවෙන් නාගදීප විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළුව මහා කරුණා බෞද්ධ සංගමයේ මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා නාවික නාවික හමුදාවේ නිළධාරීන් රැසක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගී විය.

එදින පහත දැක්වෙන ප්‍රධාන උපකරණ රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු විය.

 

​                      01. රෝහල් ඇඳන් 20 ක් 

                      02. රෝද පුටු 40 ක්

                      03. අත්වාරු 10ක්

                      04. මුඛ ආවරණ පෙට්ටි 30 ක්

                      05. බිස්කට් පෙට්ටි 20 ක්

                      06. කමිස පෙට්ටි 4 ක්

                      07. චීවර කට්ටල 20 ක්

                      08. වතුර බෝතල් කට්ටල 4 ක්

                      09. ඇඳන් මෙට්ට 20 ක්

                      10. රෙදි රෝල 12 ක්

ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page