top of page

නාවික හමුදා උතුරු විධාන නියෝජ්‍ය ආඥාපති කොමඩෝර් JP ප්‍රේමසිංහ මහතාගේ නාගදීප සංචාරය
ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු විධාන නියෝජ්‍ය ආඥාපති කොමඩෝර් JP ප්‍රේමසිංහ මහතා 2021 මාර්තු මස 19 වන දින නාගදීප පුදබිම වැඳපුදා ගැනීමට පැමිණියේය. ඔහුත් සමඟ නාවික හමුදා උත්තර ආයතනයේ අණදෙන නිළධාරී කැප්ටන් MAG ප්‍රියන්ත මහතා සහ එම ආයතනයේම විධායක නිළධාරී කමාන්ඩර් APK සුභසිංහ මහතාද මෙම සංචාරය සඳහා එක් වූහ.
නියෝජ්‍ය ආඥාපති තුමා ඇතුළු පිරිස විහාරාධිපති අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබා ගෙන විහාරයේ ඉදිරි දියුණු කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහය ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකචඡා කලහ.
bottom of page