නාගදීප රජමහා විහාරය
නයිනතිවු, ශ්‍රී ලංකාව
නාගදීප පුරාණ රජමහා විහාරය ශ්‍රිලාංකික බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවු අතිපුජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි. බුද්ධ වර්ෂ පළමු වන සියවසේ පටන් වන්දනාකරුවන් විසින් නාගදීපයේ පිහිටි පුරාණ රාජායතන චෛත්‍ය වැදපුදා ගැනිමට පැමිණි බවට වාර්තා ඇත.
මිණිපළගක අයිතිය මුල්කරගෙන චුලෝදර හා මහෝදර නාරජුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමතයකට පත් කිරිම පිණිස බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක් මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකා ගමනයයි. සටන් පැවති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිද බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසුහ. එයින් සතුටට පත් නාගයෝ ගැටුමට මුල්වු මිණිපළග බුදුරජුන් හට පිදුහ. උන්වහන්සේ වැඩ සිටිමෙන් පාරිභෝගික වස්තුවක් බවට පත්වු මිණිපළග නැවතත් නාරජුන් වෙත පිරිනැමුණු අතර පසුව ඔවුන් විසින් එය තැන්පත් කොට රාජායතන චෛත්‍ය ගොඩනගන ලදී. දේවානම් පියතිස්ස දුටුගැමුණු රජසමයන්හිදී නාගදීප රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට මනාව සංවර්ධනය වු පූජනීය ස්ථානයක් බවට පත් කරන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. .....
GALLERY
නාගදීප විහාරය ආරක්ෂා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව
දශක ගණනාවක් පුරාවට රුදුරු ත්‍රස්තවාදයෙන් පීඩා විඳි නාගදීප විහාරය ඇතුළු නාගදීප දූපත එකල පටන්ම දිවි පුරා රැකගනු ලැබුවේ සහ ගොඩ නගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා විරුවන් විසිනි. අතීතයේදීත් වර්තමානයේදීත් මෙන්ම අනාගතයේදීත් නාවික හමුදාව විසින් නාගදීපය ආරක්ෂා කරනු ඇත..............